spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 4ක අඟරු චෙක් දුන් දෙහිවල නීතිඥයාගේ රෙදි ගැලවෙයි

රුපියල් කෝටි හතරකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව දෙහිවල ප්‍රදේශයේ පදිංචි නීතීඥවරයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබේ.

හෝටලයක් මිලදී ගැනීමකට අදාළව මෙම වංචාව සිදුව ඇති බවය. ගිණුමේ මුදල් නොමැතිව රුපියල් හාරකෝටි හයලක්ෂයක මුදලකට අදාළ චෙක්පත් ලබා දී වංචාකර සාවද්‍ය පරිහණය කිරීමක් සම්බන්ධයෙන් මෙම නීතිඥවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙම නීතිඥවරයාව පෙරේදා සවස හොරණදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බැංකුවක් ආසන්නයේදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළා.

මෙම නීතීඥවරයා ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකි. අදාළ ගනුදෙනුවට සම්බන්ධ පැමිණිලිකරු මෙම නීතීඥවරයා සමඟ නිවසක් අලෙවි කිරීමේ ගනුදෙනුවකට ද කලකට පෙර සම්බන්ධ වී ඇති බවත් එම විශ්වාසය මත මෙම හෝටල් ගනුදෙනුව සිදුවී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගියේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

රුපියල් කෝටි 04කට අධික මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොහෝ කාලයක් තිස්සේ විමර්ශනයට ලක් වූවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?