AFC Banner
Empty Ad
Empty Ad

ආරක්ෂක ලේකම් කැලෑ කැපිල්ල පිළිගනී (VIDEO)

කැලැ විනාශය මේ කාලය තුල උපරිම වශයෙන් සිදුවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.අද පැවති රාජ්‍ය නිලධාරීන් සමඟ අද පැවැති හමුවකදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ විශේෂයෙන්ම වන විනාශය සහ පරිසර විනාශය සිදුවන බවයි.

අමු අමුවේ කැලෑ කපන්නන් අත්අඩංගුවට ගත්විට ඔවුන්ට එවැනි විනාශයන් කිරීමට නිත්‍යානුකුල බලපත්‍ර ඇති හෙයින් එවැනි ආකාරයට බලපත්‍ර ලැබෙන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් අනවශ්‍ය පුද්ගලයන්ට බලපත්‍ර ලබා දී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා කීය.ත්‍රිකුණාමල ප්‍රදේශයේ කැලෑ කැපීමේ ආණ්ඩුවට හිතවත් ස්වාමීන් වහන්සේ නමක් සිටින බවද ආරක්ෂක ලේකම්වරයා හෙලිකරනු ලැබුවා.එමෙන්ම ඔහු මේ වන විටත් එම ක්‍රියාව නැවැත්වීම සදහා ක්‍රියාමාර්ග ගෙන ඇති බව සදහන් කලා.බලපත්‍ර ලබාදීමේදී යම් වැරද්දක් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කර ඇති බවද ඔහු පැවසීය.

https://youtu.be/H60k2MiTPPM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?