සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය

පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස අවසානයේ ලබාදීමට අදහස් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩි. ධර්මසේන පැවසීය.

මෙම විභාගය සඳහා සිසුහු පන්ලක්ෂ දාහත්දහස් හාරසිය අනූහය දෙනෙක් පෙනී සිටියහ.

වෙනත් වර්ෂවල සාමාන්‍ය පෙළ විභාගාවලට පෙනී සිටි සිසුන් උසස් පෙළ හැදෑරීම සඳහා විෂයානුබද්ධ උපකාරක පන්තිවලට සහභාගි වුවත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් වැඩි ප්‍රමාණයක් ආර්ථික අර්බුද ඇතුළු හේතු නිසා උපකාරක පන්තිවලට සහභාගිවීම අඩු වී ඇතැයි දෙමව්පියෝ පවසයි.

ඇතැම් සිසුන් ප්‍රතිඵල පැමිණෙන තෙක් සිටින බව ද එම දෙමව්පියෝ කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?