AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය භාරතීය ජනතා පක්ෂය නේපාල‌යටත් කුරුමානම අල්ලයි

ඉන්දීයාවේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ සිය දේශපාලන කටයුතු ව්‍යාප්ත කිරීමට කළ සැලසුම් ගැන දැඩි කතාබහට පසුගියදා ලක්විය.එමෙන්ම නේපාලයේද සිය දේශපාලනය කටයුතු කිරිමට යැම සම්බන්ද තමන් දැඩි විරෝධය පල කරන බව නේපාල විදේශ අමාත්‍ය ප්‍රදීප් කුමාර් ග්වාලි නිල වශයෙන් ඉන්දියාවට දැනුම් දී ඇත.සමාජ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව දැනුම් දුන්නා.

භාරතීය ජනතා පක්‍ෂය ළඟදීම ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ආණ්ඩු පිහිටුවන බව ත්‍රිපුර මහ ඇමති බිප්ලබ් කුමාර් දෙබ් මහතා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතා උපුටා දක්වමින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස නේපාල විදේශ අමාත්‍යවරයා මෙය දැඩි විරෝධය පල කර සිටියා. මේ සම්බන්ධයෙන් විධිමත් විරෝධතා මේ වන විටත් ප්‍රකාශ කර ඇති බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මේ දක්වා එම නේපාල විදේශ අමාත්‍යවරයා දක්වන ලද විරෝධයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?