හෙට අයර්ලන්තය සමග ශ්‍රී ලංකාව සුපිරි 12 වටය මුලපුරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට (23 ) උදෑසන 9.30ට අයර්ලන්ත කණ්ඩායම සමග ආරම්භ වේ. ඒ ඔස්‌ට්‍රේලියාවේ හෝබාර්ට්හිදී .

ශ්‍රී ලංකාව මූලික වටයේ යටතේ ‘A’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස සුපිරි වටයට සුදුසුකම් ලැබූ අතර අයර්ලන්තය ‘B’ කාණ්ඩයෙන් දෙවන ස්ථානය හිමි කර ගෙන සුපිරි 12 වටයට සුදුසුකම් ලබා සිටි.

ශ්‍රී ලංකාව සුපිරි 12 වටය යටතේ ඉන් අනතුරුව ඔස්‌ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමගින් තරග වැදීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය ආරම්භ කරමින් ඔස්‌ට්‍රේලියාව සහ නවසීලන්තය අද (22) සිඩ්නිහිදී තරග වැදීමට නියමිතය.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 12.30ට ආරම්භවීමට නියමිත අතර අනතුරුව අද ප.ව.4.30ට එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?