පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දුන් දෙවන තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (18) හැකියාව ලැබුණා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජයට පත් කරමින්.
මෙම තරගයේදී දුෂ්මන්ත චමීරගෙන විශිෂ්ඨ පන්දු යැවීමක් වාර්තා වුණා. ඔහු පන්දු වාර 3.5 යවා කඩුලු 3ක් ලබා ගත්තා.
මෙම තරගය අතර තුර පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීරගේ පාදයේ ආබාධයක් ඇති වු අතර ඔහු හෙට උදෑසන ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.
මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ පාදයේද ආබාධයක් ඇති වු අතර ඔහු ද ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




