AFC Banner
Empty Ad
Empty Ad

මම දැන්ම එන්නත විදගන්නේ නැහැ – මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියයි

තමන් කොවිඩ් එන්නත ලබා ගැනීමට කටයුතු නොකරන බවට පාර්ලිමේන්තු හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. සිය ටිවිට්ර් සටහනක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ අවම අවශයෙන් මෙරට ජනතාවගෙන් මිලියනයකට එන්නත්කරණය සිදුකිරීමෙන් පසුව එන්නත ලබා ගැනීමට කටයුතු කරන බවයි.

” මම දැන්ම කෝවිඩ් එන්නත නොගැනීමට තීරණය කර ඇත්තෙමි. අපගේ ප්‍රමුඛතාවය විය යුත්තේ බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ප්‍රමුඛ පෙළේ සේවකයින්ට එන්නත් කිරීමයි. අවම වශයෙන් පුද්ගලයින් මිලියනයකටවත් එන්නත ලබා දීමෙන් පසුව එම එන්නත ලබා ගැනීමට කටයුතු කරමි” යැයි සිය ට්විටර් සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසා සිටිනවා.

මේ අතර අද දිනයේ සිට මෙම මස 19 වෙනිදා දක්වා උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා වන කාලය තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බවට පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියා.

tweet
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?