වෙළඳසැලක් ඉදිරිපිට සිටි පිරිසකගේ ඉරණම තීරණය කළ මිතුරාගේ රිය ධාවනය

පිටකොටුව හතර වන හරස් වීදියේ වසා තිබූ වෙළඳසැලක් ඉදිරිපිට සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය 07 වනදා රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර එම පිරිස අතර සිටි එක් අයෙක් රථය කඩා වැදීමත් සමඟම පිටතට පැන දිවි බේරාගෙන තිබෙනවා.

මෝටර් රථය හිමි පුද්ගලයා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා ඉන් පිටව ගිය අවස්ථාවේදී ඒ තුළ සිටි ඔහුගේ මිතුරකු විසින් මෝටර් රථය පනගන්වා ධාවනය කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙළඳසැලක් ඉදිරිපිට බිම ඉඳගෙන කතාබස් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති අතර, කුමාර වීදිය දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ඔවුන් වෙත කඩා වැදී ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ දී රථය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි කොටුව පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?