වෙළඳසැලක් ඉදිරිපිට සිටි පිරිසකගේ ඉරණම තීරණය කළ මිතුරාගේ රිය ධාවනය

පිටකොටුව හතර වන හරස් වීදියේ වසා තිබූ වෙළඳසැලක් ඉදිරිපිට සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය 07 වනදා රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර එම පිරිස අතර සිටි එක් අයෙක් රථය කඩා වැදීමත් සමඟම පිටතට පැන දිවි බේරාගෙන තිබෙනවා.

මෝටර් රථය හිමි පුද්ගලයා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා ඉන් පිටව ගිය අවස්ථාවේදී ඒ තුළ සිටි ඔහුගේ මිතුරකු විසින් මෝටර් රථය පනගන්වා ධාවනය කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙළඳසැලක් ඉදිරිපිට බිම ඉඳගෙන කතාබස් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති අතර, කුමාර වීදිය දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ඔවුන් වෙත කඩා වැදී ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ දී රථය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි කොටුව පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39