කුඩා දරුවන්ට විවිධ වර්ගයේ චිත්‍රපට පෙන්වා අයෙතා ක්‍රියාකාරකම්වල යෙදවූ හැටි එළියට (වීඩියෝ)

විකෘති කාමාශාවන් සදහා කුඩා දරුවන් ඇබ්බැහිකර ගන්නා ගනේමුල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබදව හෙළිවුණා.

අද සී.අයි.ඒ.අනාවරණය ඒ පිළිබඳවයි.කලක පටන් ගනේමුල්ල – බොල්ලත ප්‍රදේශයේ පිරිසක් වයස අවුරුදු 10 – 13 ආදී වයස්වල පසුවන කුඩා දරුවන් තම විකෘති කාමාශාවන් සංසිදවා ගැනීමට යොදා ගන්නා බවට හිරු සී.අයි.ඒ.තොරතුරු හෙළි කර ගත්තා.එම ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දීමට සිටින දරුවෙකුට අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පට පෙන්වා ළමා අපචාර සිදුකර ඇත්තේ තවත් කාන්තාවකගේ ද සහය ඇතිවයි.

අපයෝජනයට ලක් වු එක් දරුවෙකු තමන් මුහුණදුන් කටුක අත්දැකීම ප්‍රදේශවාසියෙකුට විස්තර කර තිබුනේ මෙලෙසින්. මේ පිළිබදව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාව දැනුවත් කරනු ලැබුවා.

ඔහුගේ උපදෙස් මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් අද එම ළමා අපයෝජකයන් සොයා වැටලීමක් සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?