මෙම වසරේ සුරාබදු ආදායම සපුරාගත නොහැකියි – මත්පැන් නිෂ්පාදකයින්

මෙම වසරේ සුරාබදු ආදායම රුපියල් බිලියන 185ක් දක්වා ඉහළ දමන ලෙස රජයෙන් කළ ඉල්ලීම, සපුරා ගත නොහැකිවනු ඇති බව මත්පැන් නිෂ්පාදකන් පවසනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සමඟ පසුගියදා පැවති සකච්ඡාවක දී එම නිෂ්පාදකයින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දී ඇත්තේ මත්පැන් අලෙවිය සිඝ්‍රයෙන් පහත බසිමින් තිබීම හේතුවෙන් මෙම වසරේ සුරාබදු ආදායම සැළකිය යුතු ලෙස පහත බසිනු ඇති බවයි.

මෙම වසර තුළ අවස්ථා දෙකක දී වැට්බදු ඉහළ දැමීම, සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම, අධික ලෙස එතනෝල් සහ ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු මත්පැන් මිල ඉහළ යාමට ප්‍රධාන ලෙස හේතු වී ඇති බවයි මත්පැන් නිෂ්පාදකන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම නීත්‍යාණුකූල මත්පැන් අලෙවිය අඩුවීමට සාපේක්ෂව නීතිවිරෝධී මත්පැන් අලෙවිය ඉහළ යමින් තිබෙන බව ද ඔවුහු පෙන්වා දී තිබෙනවා.

එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදකයින්ට පෙන්වා දී ඇත්තේ මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමත් සමඟ මත්පැන් නිෂ්පාදකයින්ට උපරිම ආදායම් ඉලක්ක සපුරා ගත හැකිවනු ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?