මෙම වසරේ සුරාබදු ආදායම සපුරාගත නොහැකියි – මත්පැන් නිෂ්පාදකයින්

මෙම වසරේ සුරාබදු ආදායම රුපියල් බිලියන 185ක් දක්වා ඉහළ දමන ලෙස රජයෙන් කළ ඉල්ලීම, සපුරා ගත නොහැකිවනු ඇති බව මත්පැන් නිෂ්පාදකන් පවසනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සමඟ පසුගියදා පැවති සකච්ඡාවක දී එම නිෂ්පාදකයින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දී ඇත්තේ මත්පැන් අලෙවිය සිඝ්‍රයෙන් පහත බසිමින් තිබීම හේතුවෙන් මෙම වසරේ සුරාබදු ආදායම සැළකිය යුතු ලෙස පහත බසිනු ඇති බවයි.

මෙම වසර තුළ අවස්ථා දෙකක දී වැට්බදු ඉහළ දැමීම, සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම, අධික ලෙස එතනෝල් සහ ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු මත්පැන් මිල ඉහළ යාමට ප්‍රධාන ලෙස හේතු වී ඇති බවයි මත්පැන් නිෂ්පාදකන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම නීත්‍යාණුකූල මත්පැන් අලෙවිය අඩුවීමට සාපේක්ෂව නීතිවිරෝධී මත්පැන් අලෙවිය ඉහළ යමින් තිබෙන බව ද ඔවුහු පෙන්වා දී තිබෙනවා.

එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදකයින්ට පෙන්වා දී ඇත්තේ මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමත් සමඟ මත්පැන් නිෂ්පාදකයින්ට උපරිම ආදායම් ඉලක්ක සපුරා ගත හැකිවනු ඇති බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43