“මම පුරෝකථනය කළ අයුරින්ම ඒ දේ වුණා” – කෝප් කමිටුවෙන් නම ගැලවුණු චරිත කණස්සල්ලෙන්

අලුතින් පත් කරන ලද කෝප් කමිටුවට තම නම ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සිය කණස්සල්ල පළකර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අදාළ පත් කිරීම් සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරන බවයි.

තමා පුරෝකථනය කළ අයුරින්ම තමන්ව එම කමිටුවෙන් ඉවත් කර ඇති බවත්, ආර්ථික අපරාධ පිටුපස සිටි අයට අවශ්‍ය වූයේ තමාව ඔවුන්ගේ මාර්ගයෙන් ඉවත් කිරීම බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම “දූෂිත ක්‍රමයකට පක්ෂව සිටින හොරු, ඩීල්කාරයන් දිනනවා” යනුවෙන් ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

සාමාජිකයන් 27 දෙනෙකුගෙන් සමන්විත නව කෝප් කමිටුවේ සාමාජික නාම ලේඛනය කථානායකවරයා විසින් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16