spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“මම පුරෝකථනය කළ අයුරින්ම ඒ දේ වුණා” – කෝප් කමිටුවෙන් නම ගැලවුණු චරිත කණස්සල්ලෙන්

අලුතින් පත් කරන ලද කෝප් කමිටුවට තම නම ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සිය කණස්සල්ල පළකර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අදාළ පත් කිරීම් සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරන බවයි.

තමා පුරෝකථනය කළ අයුරින්ම තමන්ව එම කමිටුවෙන් ඉවත් කර ඇති බවත්, ආර්ථික අපරාධ පිටුපස සිටි අයට අවශ්‍ය වූයේ තමාව ඔවුන්ගේ මාර්ගයෙන් ඉවත් කිරීම බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම “දූෂිත ක්‍රමයකට පක්ෂව සිටින හොරු, ඩීල්කාරයන් දිනනවා” යනුවෙන් ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

සාමාජිකයන් 27 දෙනෙකුගෙන් සමන්විත නව කෝප් කමිටුවේ සාමාජික නාම ලේඛනය කථානායකවරයා විසින් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?