පාසල් වැසිකිළියේ දුම්පානය කළ සිසුවියන්ට වැඩ වැරදුණු හැටි

වලස්මුල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකගේ බෑග් පරීක්ෂාවට ලක් කිරීමේ දී එම බෑග්වල තිබී දුම්වැටි හමුව තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සොයාබැලීමේ දී පාසලේ වැසිකිළියක් තුළ දුම්පානය කිරීමට හුරුවී සිටින සිසුවියන් පිරිසක් හඳුනාගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පාසල් දරුවන්ගේ නවතම විලාසිතාවක් ලෙස විවිධ විනය විරෝධි ක්‍රියාකාරකම් සිදුකර මුහුණු පොතට එකතු කිරීම පිළිබඳව පසුගිය දිනවල දී දැඩි කතා බහක් මතු වුණා.

එවැනි විලාසිතාවන් අනුකරණය කරමින් පාසලේ වැසිකිළියක් තුළ දුම්වැටි පානය කළ පිරිසක් ලෙස මෙම සිසුවියන් පිරිස අනෙකුත් සිසු සිසුවියන් අතර ඉතා ජනප්‍රිය වී ඇති බව සඳහන්.

නමවන වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවියන්, දුම්වැටි පාසලට රැගෙන පැමිණි සිසුන් හා එකම පන්තියේ ඉගෙනුම බවයි වාර්තා වන්නේ.

පාසල් පාලන අධිකාරියට ලද තොරතුරක් මත පාසලේ සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමට පසුගිය දා පියවර ගෙන තිබෙනවා.

එහිදී සිසුන් කිහිප දෙනෙකුගේ පොත් බෑග් තුළ දුම්වැටි තිබී හමුව ඇති අතර, එම සිසුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත සිසුවියන් කිහිපදෙනෙකු පරීක්ෂණ කමිටුව හමුවට ගෙන ඒමට කටයුතු කර ඇති බව සඳහන්.

එහිදී ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ පාසලේ වැසිකිළියක් තුළ දුම්පානය සඳහා එම පිරිස හුරුව සිටින බවටයි.

වහාම එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පාසලට කැදවීමට පාසල් පාලන අධිකාරිය තීරණය කළ අතර එහිදී දරුවන් පිළිබදව දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බව හා පාසලේ නාමයට සිදුකරන ලද හානිය පිළිබදව පවසමින් පැමිණි දෙමව්පියන්ට ලුණු ඇඹුල් ඇතිව කරුණු පැහැදිලි කිරීමට කටයුතු කර තිබුණා.

පරීක්ෂණ මණ්ඩලය විසින් විනය විරෝධීව හැසුරුණු සියලුම සිසු සිසුවියන් පන්ති තහනමකට ද ලක්කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50
Video thumbnail
ගැ#ටුමෙන් මි#ගිය නිලධාරීන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි දමා ඇති අයුරු
00:54
Video thumbnail
බොල හර්ෂණයෝ බඩේ මහත කාලා කාලා - කට්ටිය බඳාගෙන හොඳටම රඟපාලා පෙන්නුවා
10:04
Video thumbnail
අපිත් JVP වසන්තලාගේ ගො# ටෝක්වලට අපි කැමති නෑ - ඔයිට වැඩිය ලොක්කෙක්නේ ගෝඨා..
03:03
Video thumbnail
"අනේ මගේ පුතේ.." බන්ධනාගාර නිලධාරියෙකුගේ නිසල සිරුර සෝසුසුම් මැද නිවසට ගෙනෙයි
03:49
Video thumbnail
අනේ මගේ මල්ලි - නැගිටපන් යකෝ
00:32
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
00:44
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:25
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට" ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ දේහය මල්ශාලාවක තැන්පත් කරයි
03:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
08:07:06