මතට ඇබ්බැහිවූවන් තුන් මාසෙන් ගෙදර

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ නේවාසික පුනරුත්ථාපන කාලසීමාව මාස 03කට සීමා කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් විශාල ප්‍රමාණයකගෙන් සිරමැදිරි පිරීයාමත් සමඟ ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සැලසීමට රජයට විශාල මුදලක් දැරීමට සිදුව තිබෙනවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන පුනරුත්ථාපන කාලසීමාව මාස 03කට සීමා කිරීමට තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනයට යොමු කිරීම සම්බන්ධ විශේෂ චක්‍රලේඛයක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම මහාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන්ට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?