ඉන්දුනීසියාවේ පාපන්දුවට තාවකාලිකව වැටුණු තහනම

ඉන්දුනීසියාවේ ලීග් පාපන්දු තරග තාවකාලිකව අත්හිටුවන ලෙසට එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ නියෝග කර තිබෙනවා.

ඒ, ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රදේශයේ පැවති පාපන්දු තරගයකින් පසු හටගත් කලහකාරී සිද්ධියෙන් පුද්ගලයින් 129 දෙනෙකු මියයාමෙන් අනතුරුවයි.

මෙම කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අවසන් වන තුරු මෙලෙස ලීග් පාපන්දු තරග නොපවත්වන ලෙසයි ජනාධිපතිවරයා එරට බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

ඉන්දුනීසියාවේ පාපන්දු කීර්තිනාමයට කළු පැල්ලමක් එක්කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පාපන්දු සංගමය විසින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේ ජාවා හි කන්ජූරුහන් ක්‍රීඩාංගනයේදී පැවති පාපන්දු තරගයක් අවසන් බවට විනිසුරු සංඥා කිරීමෙන් පසු එම තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් 3000ක පමණ පිරිසක් ක්‍රීඩා පිටිය තුළට කඩාවැදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අංශ කදුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

ඒ, සමඟ කලබලයට පත් ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගනයෙන් පිටව යාමට උත්සාහ දැරීමේදී තෙරපීමට ලක්වීමෙන් පුද්ගලයින් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය පිරිස අතර ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙක් ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34