Indian Premier League

ජාතික සභාවේ මංගල රැස්වීම අද පෙරවරුවේ

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන ලද ජාතික සභාවේ පළමු රැස්වීම අද (29) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ජාතික සභාවේ මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කථානායකවරයා සභාපතීත්වය දරණ මෙම ජාතික සභාවට අග්‍රාමාත්‍යවරයා, සභා නායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇතුළු 35කට වැඩි සාමාජික සංඛ්‍යාවක් ඇතුළත් වනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය, උත්තර ලංකා සභාගාය නියෝජනය කරන පක්ෂ හා ඩලස් අලහප්පෙරුමගේ පාර්ශවය විසින් මෙම ජාතික සභාවට සාමාජිකයින් නම් නොකිරීමද විශේෂත්වයක්.

අද දිනයේ ආරම්භවන ජාතික සභාවට තමන් සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබෙනවා.

ජන හමු කිහිපයකට සහභාගී වීමට නියමිතව ඇති බැවින් මේ සඳහා සහභාගී වීමට හැකියාවක් නොමැති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රටේ ආර්ථික හා දේශපාලනික ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් ජාතික සභාව පිහිටුවීමේ යෝජනාවට පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?