ජාතික සභාවේ මංගල රැස්වීම අද පෙරවරුවේ

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන ලද ජාතික සභාවේ පළමු රැස්වීම අද (29) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ජාතික සභාවේ මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කථානායකවරයා සභාපතීත්වය දරණ මෙම ජාතික සභාවට අග්‍රාමාත්‍යවරයා, සභා නායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇතුළු 35කට වැඩි සාමාජික සංඛ්‍යාවක් ඇතුළත් වනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය, උත්තර ලංකා සභාගාය නියෝජනය කරන පක්ෂ හා ඩලස් අලහප්පෙරුමගේ පාර්ශවය විසින් මෙම ජාතික සභාවට සාමාජිකයින් නම් නොකිරීමද විශේෂත්වයක්.

අද දිනයේ ආරම්භවන ජාතික සභාවට තමන් සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබෙනවා.

ජන හමු කිහිපයකට සහභාගී වීමට නියමිතව ඇති බැවින් මේ සඳහා සහභාගී වීමට හැකියාවක් නොමැති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රටේ ආර්ථික හා දේශපාලනික ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් ජාතික සභාව පිහිටුවීමේ යෝජනාවට පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20