හන්තාන කන්දට ඉන්ධන රැගෙන ගිය බවුසර් රථයක් පැහැර ගැනේ

ඉන්ධන රැගත් බවුසර් රථයක් මහනුවර – හන්තාන කන්ද ප්‍රදේශයේ දී ඊයේ (25) අලුයම පැහැර ගැනීමකට ලක්ව තිබෙනවා.

මෙලෙස පැහැරගෙන ඇත්තේ හන්තාන කන්දේ සවිකර ඇති පුද්ගලික දුරකථන සමාගමක සම්ප්‍රේෂණ කුළුණකට අවශ්‍ය ඉන්ධන රැගෙන ගිය බවුසර් රථයක් බවයි වාර්තා වන්නේ.

බවුසරය පැහැර ගන්නා අවස්ථාවේ එහි රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා ඩීසල් තොගයක් ගබඩාකර තිබූ බවයි වාර්තා වුණේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි කොල්ලකරුවන් සිව්දෙනෙකු මඟ හරස්කර බවුසර් රථය නවත්වාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී කොල්ලකරුවන් බවුසර් රථයේ රියදුරුට සහ සහයකට පහර දී ඔවුන් සතු මුදල් කොල්ල කා ඇති අතර බවුසරයට පාර පෙන්වමින් කැබ් රථයකින් ගමන් ගත් පුද්ගලයෙකුට ද පහර දී ඔහු සතු මුදල් ද කොල්ල කා බවුසරයද රැගෙන පලාගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැහැරගැනීමට ලක්වූ බවුසර් රථය සමඟ කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18