spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හන්තාන කන්දට ඉන්ධන රැගෙන ගිය බවුසර් රථයක් පැහැර ගැනේ

ඉන්ධන රැගත් බවුසර් රථයක් මහනුවර – හන්තාන කන්ද ප්‍රදේශයේ දී ඊයේ (25) අලුයම පැහැර ගැනීමකට ලක්ව තිබෙනවා.

මෙලෙස පැහැරගෙන ඇත්තේ හන්තාන කන්දේ සවිකර ඇති පුද්ගලික දුරකථන සමාගමක සම්ප්‍රේෂණ කුළුණකට අවශ්‍ය ඉන්ධන රැගෙන ගිය බවුසර් රථයක් බවයි වාර්තා වන්නේ.

බවුසරය පැහැර ගන්නා අවස්ථාවේ එහි රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා ඩීසල් තොගයක් ගබඩාකර තිබූ බවයි වාර්තා වුණේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි කොල්ලකරුවන් සිව්දෙනෙකු මඟ හරස්කර බවුසර් රථය නවත්වාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී කොල්ලකරුවන් බවුසර් රථයේ රියදුරුට සහ සහයකට පහර දී ඔවුන් සතු මුදල් කොල්ල කා ඇති අතර බවුසරයට පාර පෙන්වමින් කැබ් රථයකින් ගමන් ගත් පුද්ගලයෙකුට ද පහර දී ඔහු සතු මුදල් ද කොල්ල කා බවුසරයද රැගෙන පලාගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැහැරගැනීමට ලක්වූ බවුසර් රථය සමඟ කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?