AFC Banner
Empty Ad
Empty Ad

එබෝලා මරණ තුනක්

වසර හතරකට අධික කාලයකට පසු මාරාන්තික එබෝලා වෛරස් ආසාදනයට ගොදුරු වීමෙන් බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනියා රාජ්‍යයේ මරණ තුනක් සිදුව තිබෙනවා.

එම රටෙන් අවසන් වරට එබෝලා මරණයක් සිදුව ඇත්තේ 2016 වසරේදීයි . 2015 වසරේ දෙසැම්බර් මාසයේදී ගිනියා රාජ්‍යය එබෝලා වෛරසයෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ගිනියා රාජ්‍යයෙන් පැතිරීම ඇරඹී ඇති එබෝලා ආසාදනයෙන් 2013 වසරේ සිට 2016 වසර දක්වා ගත වූ කාලසීමාවේදී බටහිර අප්‍රිකානු රටවල සිදුව ඇති මරණ සංඛ්‍යාව 11,000 කට අධිකයි.

 මේ වන විට එබෝලා ආසාදනයට එරෙහිව එන්නත් කිහිපයක් නිපදවා ඇති අතර එම එන්නත් කොංගෝ රාජ්‍යයේ විශාල වශයෙන් ආසාදනය මැඬ පැවැත්වීම සඳහා භාවිත වන බවත් සඳහන්. චිම්පන්සින්, පලතුරු වවුලන්, කැලෑබද ඇන්ටිලොප් ඇතුළු එබෝලා වෛරසය ආසාදිත වූ සතුන් සමග සමීපව කටයුතු කිරීමෙන් මිනිසාට එම වෛරසය ආසාදනය වී ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?