බොරතෙල් ප්‍රමිතියෙන් තොර බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියයි

ගෙන්වන ලද බොරතෙල් ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල් විදුලි ජනනයට යොදාගත නොහැකි වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ආනයනය කර ඇති බොරතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය වැඩි වීම නිසා ප්‍රමිතියෙන් තොර බව කී ඔහු සාමාන්‍යයෙන් බොරතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය සියයට 2ක් පමණක් තිබිය යුතු වුව ද තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය සියයට 3ක් පමණ වීම නිසා විදුලි ජනනයට යොදාගත නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල් වෙස්කොස් විදුලි බලාගාරයේ භාවිතයට ගත නොහැකි වීම විදුලි කප්පාදුව ඉහළ දැමීමට හේතුවක් වී ඇති බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.

මේ වනවිට පවතින දැඩි උෂ්ණත්වයත් සමඟ විදුලි ඉල්ලුම ඒකක මිලියන 38 සිට ඒකක මිලියන 43ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු පවසා සිටියා.

මෙයද විදුලි කප්පාදුව ඉහළ යෑමට හේතුවක් වී ඇතැයි සභාපතිවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48