AFC Banner
Empty Ad
Empty Ad

ආවට ගියාට රට වහන්න බැහැ – තීරණයක් ගන්නේ විශේෂඥ මතය අනුවයි – විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා

ඉහළ සම්පේ‍්‍රෂණ අවදානමක් ඇති කොවිඞ් නව වෛරස් ප‍්‍රභේදය මෙරට තුළ පැතිර යෑම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

පවතින තත්ත්වය යටතේ රට අගුළු දමන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන්නේ විශේෂඥයන්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසු බව ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවසීය.

අලූත් තත්ත්වයන්ට කොහොමද මුහුණ දෙන්නේ කියා දිනපතා සාකච්ඡුා කරනවා. මේ වෛරසයටත් මේ එන්නත ආවරණයක් බවයි දැනට තියෙන සෞඛ්‍ය මතය. දිගින් දිගටම මේ වෛරසය ප‍්‍රශ්නක් වෙනවා නම් විතරයි අපි වෙනත් ක‍්‍රියා මාර්ගවලට යන්නේ. දැනට තියෙන්නේ රට සාමාන්‍ය අයුරින් පවත්වා ගෙන යන අතරේ රෝගීන් වෙන්කර තබා ගැනීමයි. ආවට ගියාට රට වසා දැමීම කළ නොහැකියි. විශේෂඥ මතය අරගෙන තමයි තීරණ ගත යුත්තේ.’’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?