spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුටින්ගේ ප්‍රකාශයත් සමඟ රුසියානුවන් මව්බිම හැර යෑමට දිගු පෝලිම්වල

ස්වෙච්ඡා හමුදා බල ඇණියක් කැඳවන බවට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානු වැසියන් රට හැරයාමේ තත්ත්වයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වැසියන් දහස් ගණනක් මේ වන විටත් රුසියානු දේශසීමා ආසන්නයේ දිගු පෝලිම්වල රැඳී සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් එලෙස රටින් පිටවන රුසියානු වැසියන් භාරගැනීමට කැමැත්ත පළ කර ඇති අතර,
චෙක් ජනරජය, ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්තෝනියාව ප්‍රකාශ කර ඇත්තේ රුසියානුවන්ට රැකවරණය ලබාදීමට තමන සූදානම් නොමැති බවයි.

යුක්‍රේනය සමඟ හටගෙන ඇති යුද්ධයට මුහුණදීම සඳහා හමුදා අත්දැකීම් සහිත ස්වෙච්ඡා භටයින් ලක්ෂ තුනක් නැවත සේවයට කැඳවන බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානුවන් බොහෝ පිරිසක් සිය මව්බිමෙන් පිටවීමට මෙලෙස තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?