AFC Banner
Empty Ad
Empty Ad

ඛනිජ තෙල් පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පනත් කෙටුම්පතට වගන්ති කිහිපයක් එක්කර ගැනීම මඟින් පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බවයි.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛනිජ තෙල් විශේෂ විධිවිධාන සංශෝධිත පනත් කෙටුම් පතට, ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සහ කොටස් සංශෝධනය කර කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?