ඛනිජ තෙල් පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පනත් කෙටුම්පතට වගන්ති කිහිපයක් එක්කර ගැනීම මඟින් පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බවයි.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛනිජ තෙල් විශේෂ විධිවිධාන සංශෝධිත පනත් කෙටුම් පතට, ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සහ කොටස් සංශෝධනය කර කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16