ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පොලිසි යයි

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විසින් කුරුඳුවත්ත පොලිසියට ඊයේ (21) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

පෙරේදා (20) දිනයේ දී තවත් පුද්ගලයින් කිහිප දෙනෙක් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, කොළඹ ක්‍රිකට් සමාජයට පැමිණ තමන් සොයා ඇති බවයි ශම්මි සිල්වා සඳහන් කළේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී තමන් එහි නොසිටි බව ද සභාපතිවරයා සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ දී ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට ක්‍රිකට් සභාපතිවරයා දැක් වූ ප්‍රතිචාරය මෙම සොයා ඒමට හේතුවන්නට ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14