spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පොලිසි යයි

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විසින් කුරුඳුවත්ත පොලිසියට ඊයේ (21) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

පෙරේදා (20) දිනයේ දී තවත් පුද්ගලයින් කිහිප දෙනෙක් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, කොළඹ ක්‍රිකට් සමාජයට පැමිණ තමන් සොයා ඇති බවයි ශම්මි සිල්වා සඳහන් කළේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී තමන් එහි නොසිටි බව ද සභාපතිවරයා සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ දී ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට ක්‍රිකට් සභාපතිවරයා දැක් වූ ප්‍රතිචාරය මෙම සොයා ඒමට හේතුවන්නට ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?