පෙම්වතිය තරුණ ව්‍යාපාරිකයාට මරු කැඳවයි

ෆේස්බුක් ඔස්සේ තරුණියක හඳුනා ගැනීමට සලස්වා ඇය හමුවීම සඳහා පැමිණි තරුණ ව්‍යාපාරිකයකු අතරමඟදී පැහැරගෙන ගොස් ලණුවකින් ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් අනාවරණය කර ගැනීමට සීදුව පොලිසියට හැකිව තිබෙනවා.

පැහැරගෙන ගොස් මරා දැමුණු මෙම ව්‍යාපාරිකයාගේ සිරුර කොටවෙහෙර ප්‍රදේශයේ කැලෑවක දමා ගොස් තිබියදී සොයාගැනීමට පොලිසියට හැකි වී තිබුණා.

මේ අතර මේ පිළිබඳ විමර්ශනය සිදුකළ සීදුව පොලිසියේ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ මරාදමන ලද තරුණ ව්‍යාපාරිකයාගේ නැන්දණියද මෙලෙස කපා කොටා මරා දමා ඇති බවයි.

ඇය ඝාතනය වන්නේ 2018-01-12 වැනිදා බව සඳහන් කරන පොලිසිය එකී සිද්ධිය සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර එම ඝාතනය මෙතෙක් අබිරහසක්ව පැවැති බවද සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා ව්‍යාපාරිකයා සමඟ ආදර සම්බන්ධයක් පවත්වා ඔහු රවටා සැලසුම් කළ පරිදි සීදුව ප්‍රදේශයට ගෙන්වා ගත් විසි දෙහැවිරිදි තරුණියද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනයේ සැලසුම්කරුවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මග්ගොන, දියලගොඩ පදිංචි ශාමෙන් හිරන්ත නමැති අයෙකි.

පොලිසිය පවසන අන්දමට ශාමෙන් අදාළ ෆේස්බුක් මඟින් හඳුනාගත් තරුණිය හමුවීමට සීදුවට පැමිණ ඇත්තේ තවත් මිතුරකු සමඟ වෑන් රියකින් වන අතර තරුණිය මුණ ගැසී ඇය සමඟ කතාබස් කරමින් සිටියදී එතැනට වාහනයකින් පැමිණි කණ්ඩායමක් තරුණිය හා ශාමෙන් ඔවුන් පැමිණි රථයට බලහත්කාරයෙන් දමාගෙන තිබුණා.

අතරමඟදී රුපියල් විසිදහසක් දී තරුණිය වාහනයෙන් මුදාහැරි අතර ඇය සමඟ සිටි ශාමෙන් වාහනය තුළදීම ලණුවකින් ගෙල සිරකර මරා දමා තිබෙනවා.

පසුව ඔහුගේ සිරුර රැගෙන ගොස් කොටවෙහෙර ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක දමා මොවුන් යළි සිය නිවෙස්වලට ගොස් තිබුණා.

මෙම පැහැර ගැනීම සැලසුම් කළ මහ මොළකරු වීරකැටිය මිද්දෙණිය පාරේ, පදිංචිකරුවකු වනවා.

ව්‍යාපාරික ආරවුලක් මත මහ මොළකරු බව කියන පුද්ගලයා ආර්ථික අතින් ඉමහත් අපහසුතාවට පත්ව ඇති අතර ඒ පිළිබඳ වෛරයක් ඇති කරගත් ඔහු තරුණ ව්‍යාපාරිකයා මෙසේ මරා දමා ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09