විස සහිත සහල් ආනයනය කළ බවට පැතිරෙන ප්රචාර සම්පූර්ණයෙන් අසත්ය බව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර මහතා පවසනවා.
මෙම ප්රචාර 2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගී කරගනිමින් දියත් කරන බවත් මෙවැනි අසත්ය පුවත් හරහා මහජන කැළඹීම් ද ඇතිවිය හැකි බවත් කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශවයන්ගෙන් නිසි විමසීමක් කරන්නේනම් වඩාත් සුදුසු බව යි ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ.
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බැවින් එල්ලවන චෝදනා ඔහු ප්රතික්ෂේප කරයි.වැරදි මූලාශ්ර ලබාදෙමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව ප්රචාර දියත් කළ පිරිසට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොණු කිරීමට කටයුතු කරන බව වෙළෙද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්යාංශයේ ලේකම් සිසිර කොඩිකාර මහතා ප්රකාශ කරයි
