QR එකෙන් හොර වැඩ කලොත් වැඩ වරදී

QR කේතය හරහා ඉන්ධන නිකුත් කිරීමේදී සිදුවන නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන ලබා ගැනීමේදී ලැබෙන කෙටි පණිවිඩයට, ඉන්ධන පිරවුම්හල් කේතය එක් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.එසේම පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ තෝරාගත් ආයතනවල ඉන්ධන කෝටා වැඩිකිරීමට මෙම සතියේදී කටයුතු කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩයට අදාලව ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය ද ලබන සතියේ සිට හඳුන්වා දීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?