AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා මෘතදේහ භූමදානයට විද්වත් කමිටු අනුමැතිය ලැබේ

කොරෝනා ආසාදිතව මිය යන යන පුද්ගලයාගේ මෘත දේහයන් භූමදානයට ද අනුමැතිය දෙමින් නිර්දේශ ලබාදුන් ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ සභාපතිනිය සමඟ කරයි.

එහි සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය මේ බව සඳහන් කරන්නේ හිරු නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

පසුගිය දෙසැම්බර් මස 28 වැනිදා එහි අවසන් වාර්තාව තමන් අැතුළු 09 දෙනෙකුගෙන් යුත් කමිටු සාමාජිකයන් විසින් බාර දුන් බව ද ඇය සඳහන් කළාය.

භූමදානය කිරීමේ දී පිලිපැදිය යුතු නිර්දේශ හතක් ඉදිරිපත් කළ බවද සඳහන් කළ ඇය එකී නිර්දේශද එහිදී පහදා දුන්නාය.

භූමදානය කරන්නේ නම්,

  1. ඒ පිලිබද නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කල යුතු අතර ඔහු එය අධීක්ෂණය කළ යුතුය
  2. මෘත දේහය එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාම තහනම්
  3. භූමදානය පැය 24ක් තුල කළ යුතුය
  4. පවුලේ ඥාතින් 04 දෙනෙකුට මිනිත්තු 05 ක කාලයක් දේහය බැලීමට අවසර
  5. ජලයට නිරාවරණය නොවන ලෙස මල සිරුරූ බහාලන බෑග් දෙකක දමා මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුය
  6. ආගමික නායකයෙකුට ආගමික කටයුතු සඳහා අවසර
  7. මිනි පෙට්ටියට බාහාලිමෙන් පසු කිසිම හේතුවක් විවෘත නොකළ යුතුය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?