ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ අද (6) ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකා කණ්ඩායම ලබාගත් අතර ප්‍රතමයෙන් පන්දුවට පහරදීමේ අස්ථාව ඉන්දියා කණ්ඩායමට ලබා දුන්නා.
මේ තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඉන්දීය කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය අතිශයින් තීරණාත්මක වනවා.ඊට හේතු වන්නේ යම් හෙයකින් ඉන්දිය කණ්ඩායම මේ තරගයෙන් පරාජය වුවහොත් තවදුරටත් ඔවුන්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ රැඳී සිටීමේ අවස්ථා අහිමි වීම හේතුවෙන්.අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර පසුගිය තරග කිහිපයේදී දිගින් දිගටම පිතිකරණයේ දී අසාර්ථක වූ චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කැඳවා තිබෙනවා.














