කඩා වැටුණු පැති බැම්මට යට වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අයහපත් කාලගුණය හේතුවෙන් පේරාදෙණිය, දවුල්ගල, යාලේගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පැති බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (05) රාත්‍රියේ බැම්ම කඩාවැටීමෙන් ඊට යට වූ පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ.

මියගිය පුද්ගලයා 39 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?