ආසියානු කුසලානයේ දී දසුන්ගේ පිත්තෙන් ලෝකයට පණිවුඩයක් (ඡායාරූප)

2022 ආසියානු කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අද (27) රාත්‍රියේ තරග බිමට පිවිසීමට නියමිතයි.

මෙම තරගය ඩුබායිහි දී පැවැත්වෙන අතර, දෙරට අතර මේ දක්වා එක් විස්සයි විස්ස තරගයක් පවත්වා ඇති අතර ඉන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නවක වේගපන්දු යවන්නෙකු ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතින බව නායක දසුන් ශානක සඳහන් කර සිටියා.

ඒ, ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදීයි.

මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සිය පිත්ත උපයෝගී කරගෙන ලෝකයට විශේෂ පණිවුඩයක් රැගෙන යෑමට කටයුතු කර තිබෙනනවා.

ඒ, ඔහු තරගය සඳහා භාවිත කරන පිත්තේ “visit sri lanka” ලෙස දැක්වෙන ස්ටිකරයක් ප්‍රදර්ශනය කරමින්.

මේ වනවිට ආර්ථක අර්බුදයෙන් පීඩාවිඳින ශ්‍රී ලංකාවට, සංචාරය සඳහා පැමිණ රට යළි ගොඩනැඟීම සඳහා උපකාර වන ලෙසයි ඔහු මෙම පණිවුඩයෙන් සංචාරකයින්ට දන්වා ඇත්තේ.

නව ශ්‍රී ලංකා සංචාරක තානාපති සනත් ජයසූරියගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙය සිදුකර බවයි තොරතුරු වාර්තා වුණේ.

302054725 506847517918181 5648150239465064608 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37