spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානයේ දී දසුන්ගේ පිත්තෙන් ලෝකයට පණිවුඩයක් (ඡායාරූප)

2022 ආසියානු කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අද (27) රාත්‍රියේ තරග බිමට පිවිසීමට නියමිතයි.

මෙම තරගය ඩුබායිහි දී පැවැත්වෙන අතර, දෙරට අතර මේ දක්වා එක් විස්සයි විස්ස තරගයක් පවත්වා ඇති අතර ඉන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නවක වේගපන්දු යවන්නෙකු ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතින බව නායක දසුන් ශානක සඳහන් කර සිටියා.

ඒ, ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදීයි.

මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සිය පිත්ත උපයෝගී කරගෙන ලෝකයට විශේෂ පණිවුඩයක් රැගෙන යෑමට කටයුතු කර තිබෙනනවා.

ඒ, ඔහු තරගය සඳහා භාවිත කරන පිත්තේ “visit sri lanka” ලෙස දැක්වෙන ස්ටිකරයක් ප්‍රදර්ශනය කරමින්.

මේ වනවිට ආර්ථක අර්බුදයෙන් පීඩාවිඳින ශ්‍රී ලංකාවට, සංචාරය සඳහා පැමිණ රට යළි ගොඩනැඟීම සඳහා උපකාර වන ලෙසයි ඔහු මෙම පණිවුඩයෙන් සංචාරකයින්ට දන්වා ඇත්තේ.

නව ශ්‍රී ලංකා සංචාරක තානාපති සනත් ජයසූරියගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙය සිදුකර බවයි තොරතුරු වාර්තා වුණේ.

302054725 506847517918181 5648150239465064608 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?