ගම්පහ නිවෙසක මෙහෙකාරකමට ගිය දැරියක් මියයයි

වතුකරය තුළ පවතින මිනිස් ජාවාරම් නිසා වතුකරයේ 17 හැවිරිදි තවත් දැරියක් පසුගිය 19 වැනිදා අකාලයේ මියගොස් ඇතැයි ප්‍රොටෙක් සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් නායිකා එම් . මෛත්‍රිලි හැටන්හිදී ඊයේ ( 24 දා ) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළාය . ගම්පහ ප්‍රදේශයේ නිවෙසක නාන තටාකය සුද්ධ පවිත්‍ර කිරීමට යෑමේදී මෙම 17 හැවිරිදි තරුණිය දියේ ගිලී මියගොස් ඇතැයිද ඇය කීවාය . දැරියගේ මාමාගේද අනුදැනුම ඇතිව මස්කෙළිය මෝකා වතුයායේ සිට ඇය ගම්පහ ප්‍රදේශයේ මෙම නිවෙසට ගෙන ගොස් ඇත්තේද මිනිස් ජාවාරම් කරන තැරැව්කරුවකු විසිනැයි ඇය කීවාය . ඉකුත් 19 වැනිදා මියගොස් ඇති ඇය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද කීවාය . මෙම දැරිය ජීවත්ව තියෙන්නේ මාමා සමඟයි . මෙම දැරිය අධ්‍යාපනයද නතර කර ඇති දැරියක් බවයි දැන ගන්න තියෙන්නේ .

එසේ සිටින විට මෙම දැරිය ගම්පහ ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාර සේවයේ යෙදී සිටින විට එම නිවෙසේ නාන තටාකය සුද්ධ පවිත්‍ර කරන අවස්ථාවේදී දියේ ගිලී මියගොස් තිබෙනවා . මීට පෙර මෙසේම මියගිය ඉෂාලිගේ මරණය සිදුවන අවස්ථාවේදී සමහර බලධාරීන් පැවැසුවේ වතුකරයේ දරුවන් විවිධ ප්‍රදේශවල නිවාස තුළ මෙහෙකාර සේවය සඳහා රැගෙන යෑම පිළිබඳව දැඩි නීති ක්‍රියාත්මක කරන බවයි . ඒත් එම ප්‍රකාශ කතාවන්ට පමණක් සීමාවෙලා තියෙන්නේ මේ වතුකරයේ තරුණ ජීවිත විවිධ ප්‍රදේශවල මෙහෙකාර සේවය සඳහා යොමු කිරීම තුළින් සිදුවන්නේ වතුකරයේ තරුණ ජීවිත විශේෂයෙන් වතුකරයේ තරුණියන් අකාලයේ මියයෑමයි . වතුකරය තුළ සිදුකරන මෙම මිනිස් ජාවාරම් පිළිබඳව අදාළ බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතුයි . එසේ නොවුණහොත් මේ වතුකරයේ තරුණ ජීවිත අකාලයේ විනාශ වීම තවත් වර්ධනය වෙන්න පුළුවන් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01