අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලට

අද (24දා) දහවල් අහුන්ගල්ල -ඌරගහ මාර්ගයේ අහුන්ගල්ලේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කල බව අහුන්ගල්ල පොලීසිය පවසයි.වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල ගල්වෙහෙර පදිචි අයෙක් බවද පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති  බවද  වෙඩි වැදුණු අයගේ තත්වය බරපතල නොවන බවද පොලීසිය පැවසීය.මෙය පාතාල කල්ලියක වැඩක්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බවද අහුන්ගල්ල පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?