කොළඹ පාසලක සිසුවකුගේ සපත්තුව ඇතුළෙන් නයි පැටවෙක් එළියට

දහතුන් හැවිරිදි ශිෂ්‍යයකු පැළඳ සිටි සපත්තුවක් ඇතුළත කුඩා නයි පැටවකු සිට හමුවීමේ පුවතක් වාර්තා වනවා

සිසුවා පාසලට බස් රථයකින් පැමිණෙමින් සිටියදී ඔහුගේ එක් සපත්තුවක ඇතුළතින් යමක් දඟලන බව දැනී පාසලට පැමිණ සපත්තුව ගැලවූ අවස්ථාවේදී මෙම කුඩා නයි පැටියා අද (23) උදෑසන හමුවී තිබෙනවා.නයි පැටියා හමුවීමෙන් පසු එම ශිෂ්‍යයා විද්‍යාලීය ගුරුවර ගුරුවරියන් විසින්  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර ළමයාට නයි පැටියාගෙන් විස ශරීර ගතවී නැති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරුවී තිබෙනවා.

ළමයාගේ සපත්තුවට නිවෙසේදී මෙම නයි පැටවා  රිංගා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවත්  නයි පැටියා රිංගා සිටි සපත්තුව ළමයා  කිසිදු සෝදිසියකින් තොරව පැලැඳ පාසලට පැමිණෙන්නට ඇතැයි  පෙනී යන බවත්  රෝහලේ වෛද්‍යවරු පවසති.ළමයා රෝහලේ  8 වෙනි වාට්ටුවේ හොඳ ශරීර සෞඛ්‍යය තත්වයෙන් පසුවන බවද  ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11