ගල්කිස්ස අධිකරණයේ වෙඩි පත්තු කළ සිද්ධියට කාන්තාවක් ඇතුළු දෙකක් අල්ලයි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ පසුගිය 04 වනදා සිදු කළ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සකකරුවෙකු සහ සැකකාරියක් ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අද (21) දින අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

මොවුන් කඳුබොඩ – දෙල්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත්වන අවස්ථවේ දී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 520ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අතරතුර පසුගිය 04 වනදා සිදුවූ මෙම වෙඩි තැබීම, මත්කුඩු ජාවාරමට සම්බන්ධ සිද්ධියක් මුල්කරගනිමින් සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණා.

අධිකරණ ශාලාව තුළ සිටි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ ඒ වනවිට විත්ති කූඩුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඉලක්ක කර ගනිමින්.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06