විදුලි ගාස්තු තවත් ඉහළට

පසුගියදා විදුලිගාස්තු සියයට හැත්තෑපහකින් වැඩි කළ පසු බිමක වුවත් ලංවිම රුපියල් බිලියන 250 ක පාඩුවක් ලබන නිසා නුදුරු කාලයේදීම විදුලි ගාස්තුව තවත් සියයට විසිපහකින් ඉහළ දැමිය යුතු බව විදුලි ඉංජිනේරුවෝ පවසති.

මෙම මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන්නත් එය ප්‍රමාණවත් නොවන නිසා මණ්ඩලය ලබන පාඩුව මහා භාණ්ඩාගාරය හරහා පියවීමට සිදුවන බවද ඔවුහු කියති.විදුලි ඒකකයක් නිපදවීමට විශාල මුදලක් වැයවන බවත් අදාළ වියදම පියවා ගැනීමට නම් ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් ඔවුහු කියා සිටිති.අඩු වියදම් සහිත විදුලි බලාගාර ඉදිනොකිරීම නිසා ලංවිම මෙයාකාරයට පාඩු ලබන බවත් විදුලිබල අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය ඊට වගවිය යුතු බවත් ඔවුහු කියා සිටිති. ඒ වැරදි තීරණවල පව් විදුලි බිල මත මෙවර පතිත වුවත් මීට පෙරාතුව වක්‍ර බදු හරහා ඒ මුදල් ජනතාවගෙන් අයකර ගත් බවත් ඉංජිනේරුවෝ පවසති.

  1. විදුලි ඉංජිනේරුවන්ට දරාගන්න පුළුවන් පඩියත් දෙන්න….
    එතකොට ඔය ආය්තන ලාභ ලබයි….
    ඇයි සාමාන්‍ය මිනිසුන්ගේ රීරි මාංශ උරා ගන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06