spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ගාස්තු තවත් ඉහළට

පසුගියදා විදුලිගාස්තු සියයට හැත්තෑපහකින් වැඩි කළ පසු බිමක වුවත් ලංවිම රුපියල් බිලියන 250 ක පාඩුවක් ලබන නිසා නුදුරු කාලයේදීම විදුලි ගාස්තුව තවත් සියයට විසිපහකින් ඉහළ දැමිය යුතු බව විදුලි ඉංජිනේරුවෝ පවසති.

මෙම මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන්නත් එය ප්‍රමාණවත් නොවන නිසා මණ්ඩලය ලබන පාඩුව මහා භාණ්ඩාගාරය හරහා පියවීමට සිදුවන බවද ඔවුහු කියති.විදුලි ඒකකයක් නිපදවීමට විශාල මුදලක් වැයවන බවත් අදාළ වියදම පියවා ගැනීමට නම් ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් ඔවුහු කියා සිටිති.අඩු වියදම් සහිත විදුලි බලාගාර ඉදිනොකිරීම නිසා ලංවිම මෙයාකාරයට පාඩු ලබන බවත් විදුලිබල අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය ඊට වගවිය යුතු බවත් ඔවුහු කියා සිටිති. ඒ වැරදි තීරණවල පව් විදුලි බිල මත මෙවර පතිත වුවත් මීට පෙරාතුව වක්‍ර බදු හරහා ඒ මුදල් ජනතාවගෙන් අයකර ගත් බවත් ඉංජිනේරුවෝ පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?