ඩලස්ගේ කණ්ඩායමත් අනුරපුරය වඳින්න යයි

මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම අද (20) අනුරාධපුරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.

පවතින ඉන්ධන ගැටලුව සැලකිල්ලට ගෙන මෙම මන්ත්‍රී කණ්ඩායම කොළඔ සිට අනුරාධපුරය දක්වා බස්රථයෙන් පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

අනුරාධපුරයට පැමිණි මෙම මන්ත්‍රී පිරිස සිය දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කර ආශිර්වාද ලබාගත්තා.

ඔවුන් ප්‍රථමයෙන් ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගත් අතර අනතුරුව ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් බැහැදැකීමට පැමිණියා.

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මෙම මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේ දී රට වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීමට සුදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් එහිදී සඳහන් කර සිටියා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අද (20) පෙරවරුවේ අනුරාධපුරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14