spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩලස්ගේ කණ්ඩායමත් අනුරපුරය වඳින්න යයි

මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම අද (20) අනුරාධපුරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.

පවතින ඉන්ධන ගැටලුව සැලකිල්ලට ගෙන මෙම මන්ත්‍රී කණ්ඩායම කොළඔ සිට අනුරාධපුරය දක්වා බස්රථයෙන් පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

අනුරාධපුරයට පැමිණි මෙම මන්ත්‍රී පිරිස සිය දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කර ආශිර්වාද ලබාගත්තා.

ඔවුන් ප්‍රථමයෙන් ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගත් අතර අනතුරුව ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් බැහැදැකීමට පැමිණියා.

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මෙම මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේ දී රට වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීමට සුදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් එහිදී සඳහන් කර සිටියා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අද (20) පෙරවරුවේ අනුරාධපුරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?