විවාහ ලියාපදිංචිවීම්වල වැඩිවීමක්

2020 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී (2021) මෙරට විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව 2020 වසරේ දී විවාහ ලියාපදිංචිවීම් 143,061ක් සිදුව ඇති අතර, එය 2021 වසරේ දී ලියාපදිංචිවීම් 162,628 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස ඉහළ ගිය විවාහ ලියාපදිංචිවීම් අතරින් වැඩිම විවාහ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 18,591ක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඉන් පසු වැඩිම විවාහ ලියාපදිංචිවීම් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 17,300 ක් ලෙසයි.

අඩුම විවාහ ලියාපදිංචිවීම් සංඛ්‍යාවක් පසුගිය වසරේ සිදුව ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ වන අතර 899ක් ලෙස එම සංඛ්‍යාව දැක්වෙනවා.

කොව්ඩ් සංචරණ සීමා සහ ලොක්ඩවුන් කිරීම් හේතුවෙන් 2020 වසරේ දී විවාහ ලියාපදිංචිය මෙලෙස තරමක් අඩුව ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:37
Video thumbnail
දොරෙන් ෂූට් කරපු එක ගැන කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි - පාලනය නොකරනම් වෙන විනාශය හිතාගන්න බැරිවෙයි
07:59
Video thumbnail
ඔයාලා වැඩ නොකරන එකට අපි පළි ද..?
07:57
Video thumbnail
අධිකරණ ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්නම දෙයි
16:20
Video thumbnail
රැඳවියන් විකාර තත්ත්වයෙන් ඉදාලා තියෙන්නේ මත්වෙලා..නිලධාරින් ජීවිත පරදුවට තියලා වළක්වලා තියෙන්නේ
04:50
Video thumbnail
දොරෙන් ෂූට් කරන වීඩියෝව ගැන කොමසාරිස් ජෙනරාල් හඬ අවදි කරයි
01:36
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන කලින් බුද්ධි වාර්තාවක් ලැබිලා තිබුණා ?අවශ්‍ය නිලධාරින් අපි යොදවලා තිබ්බේ
01:58
Video thumbnail
මගේ දරුවාව මට පෙන්නන්න
01:37
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31