769කට සුවයි

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 769 දෙනෙක් සුවය ලබා ඇතිබව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව සුවය ලබා ඇති මුළු ආසාදිතයින් ගණන 47,984කි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සම්පූර්ණ රෝගීන් ගණන 55,189ක් වන අතර මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6.931කි.