Fly high Get bonus Aviator Phone

අනතුරට පත් නෞකාවේ බඳ කොටසට හානි

කුඩා රාවණාකොටුව ආසන්නයේ දී අනතුරට ලක් වූ සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ වත්මන් තත්ත්වය නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.

අද (24) උදෑසන කිමිදුම්කරුවන් කණ්ඩායමක් නෞකාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කළ අතර මේ දක්වා සිදුකළ සොයා බැලීම්වලදී නෞකාවේ බඳ කොටසට හානි සිදුව ඇති බවට නිරීක්ෂණය වී තිබේ.

කෙසේවෙතත් අනතුරෙන් නෞකාවේ ඉදිරිපස සහ පිටුපස කොටසට හානියක් සිදුව නොමැති අතර ඉන්ධන කාන්දුවක් සිදුවීමේ අවදානමක් ද නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

නෞකාවේ මැද කොටස ගල්පරයේ සිරවී ඇති බවට නිරික්ෂණය වී ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ලයිබිරියානු ධජය යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ත්‍රීකුණාමලය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු යුරෝසන් නැමති මෙම යත්‍රාව ඊයේ (23) පෙරවරුවේ කුඩා රාවණා කොටුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබුණි.

බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් යොදාගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද නෞකාවේ තත්ත්වය ගුවනින් නිරික්ෂණය කරමින් සිටින බව ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටුනායක කර්මාන්තශාලාවක් නැවැත්වීමෙන් කම්කරුවන් 1200කගේ රැකියා අහිමිවේ
14:45
Video thumbnail
ම#රණය අතේ තියාගෙන විදුලි ට්‍රාන්ස්පෝමරයෙන් මහ රෑ තඹ කම්බි කපන හැටි
01:42
Video thumbnail
රැග් දෙනවනම්..ඌව අල්ලලා ගස් බැදපියව්.. සීලරතන හිමි ෆයර් වෙයි
04:17
Video thumbnail
දෑතට විලංගු වැටුණු රඹුක්වැල්ලගේ පුතා පියාගේ අඩිපාරෙම යන හැටි
01:25
Video thumbnail
දයාසිරිට නහුතෙට තදවෙයි - මුලාසනයට කියපු සැර කතාව
07:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?