අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට අධිකරණයෙන් දැඩි දඬුවම්

2020 දෙසැම්බර් 02 වැනිදා අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට අධිකරණයෙන් දඬුවම් දී තිබේ.

ඒ අනුව එම පුද්ගලයාට චෝදනා තුනක් යටතේ වසර 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස එම පුද්ගලයාව හඳුනාගැනීමෙන් අනතුරුව ඔහුව ප්‍රතිකාර මධ්‍යස්‌ථානයකට රැගෙන යෑමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් හා තවත් සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ ගොස් තිබේ.

එහිදී එම පුද්ගලයා ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් කෙළ ගසා තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“මේ සම්බන්ධව අදාළ පුද්ගලයා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නඩු පැවරීම සිදුකළා පානදුර අධිකරණයේ දී ඒ අනුව ඔහුට විරුද්ධව චෝදනා 8ක් යටතේ බණ්ඩාරගම පොලීසිය විසින් නඩු පවරා තිබෙනවා. රජයේ නිලධාරියෙකුගේ රාජකාරියෙකුට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, නිරෝධායන නියෝගයකට අවනත නොවීම, රජයේ නිලධාරියෙකුගේ නියෝගයකට අවනත නොවීම ආදි චෝදනා යටතේ මොහුට විරුද්ධව නඩු පවරනු ලැබුවා. අද දිනයේ දී අධිකරණය විසින් ඔහුගේ වරද පිළිගැනීම මත අදාළ පුද්ගලයා  වරදකරු බවට පත්කර තිබෙනවා. මේ සියලු කරුණු සලකා බලා චෝදනා තුනකට වසර 2 බැගින් වු සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ වගේම මීට රුපයල් 10,000 දඩයක් ද නියම කර තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයා බන්ධනාගාරය විසින් රැගෙන ගොස් තිබෙනවා. “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38