5000 ව්‍යාජ නෝට්ටු සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවලින් සූදු ක්‍රීඩා කරමින් සිටි පුද්ගලයෙකු සහ එම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු කටුවන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුවන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කටුවන බින්තැන්න ප්‍රදේශයේ සූදු පොලක් ඊයේ (11) දින පොලිසිය වටලා ඇති අතර එහිදී යි ව්‍යාජ මුදල් නෝට්ටු යොදා ගනිමින් සූදු ක්‍රීඩා කළ අයෙකු අත් අඩංගුවට පත්ව ඇත්තේ.

එම සැකකරු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ට්‍රු 17ක් සොයාගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කටුවන නගරයේදී යි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් මුද්‍රණයට යොදාගත් ස්කෑනර් යන්ත්‍රයක් සහ ලැප්ටොප් පරිගණකයක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් දෙදෙනා කටුවන ප්‍රදේශයේම පදිංචි අවුරුචු 37 සහ 28 වයස්වල පසුවන දෙදෙනෙක්.

සැකකරුවන් අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් කටුවන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04